Covid 19World

පෝලන්ත ජනපතිටත් කොරෝනා

පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රේ ඩූඩා, නව්‍ය කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය යහපත් බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 48 හැවිරිදි ඇන්ඩ්‍රේ ඩූඩාට නව්‍ය කොරෝනා වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ.

කොරෝනා දෙවන රැල්ලට මුහුණ පා සිටින පෝලන්තයෙන් ඊයේ(23) දිනයේ පමණක් නව්‍ය කොරෝනා ආසාදිතයින් 13,600 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වනවිට එරට ප‍්‍රාථමික පාසල් සහ ආපනශාලා වසා දමා ඇති අතර කොරෝනා අවදානම් රතු නිවේදන ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, පෝලන්ත රජය මගින් පනවා ඇති නව ගබ්සා නීතිවලට විරෝධය පළ කරමින් පුද්ගලයින් දහස් ගණනක් උද්ඝෝෂණවල නිරත වී සිටීම හේතුවෙන්, තවදුරටත් එරට තුළ නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.

Related posts

විසා තහනමට එරෙහිව මුස්ලිම් ව්‍යපාරිකයෝ නිව්යෝර්ක්හී උද්ඝෝෂණ

colombotoday

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday

ඉන්ධන සහනාධාරය ඉවත්කල කසක්ස්තානයේ ගැටුම් – 164ක් මරුට

colombotoday