Colombo Today Local News

පොලොන්නරුව ඕනෑගම සින්හරාජගම පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් ඩෝසර් කරයි

පොලොන්නරුව ඕනෑගම සින්හරාජ ගම ග්‍රාමයේ කෙලවර වෙට්ටකාඩු අමුණට ඉහලින් පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් විසින් ඩෝසර් කර ඇති බව වාර්තා වෙනවා.

දාගැබ ඩෝසර් කරලා ගඩොල් සහ පස් වනජිවි පෙර කලාපයෙ කුඹුරු ගොඩ කර හදන අලුත් පාරට දැමීම සඳහා බලාපොරොත්තුවෙන් සිට ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

නිධන් හෑරීම සහ අලුතෙන් කුඹුරු අස්වැද්දීම බලාපොරොත්තුවෙන් ෂාබ්දීන් නැමති ගොවි සංගමයේ සභාපති ලෙස හඳුන්වන පුද්ගලයාගේ මූලිකත්වයෙන් මේ මහා අපරාධය සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ පුද්ගලයින් නීතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට හිතුමතේ මේ ප්‍රදේශයේ ඇති පුරව්ද්‍යා ස්ථාන විනාශ කරන බවත් මීට වසර තුනකට පෙර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී චෛත්‍ය 18ක් විනාශ කර තිබුණු බවත් ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් අප සමග සඳහන් කර සිටියා. එම අවස්ථාවේදී පාලකයින් මේ පුරව්ද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගන්නවා වෙනුවට ඥානසාර හිමි පසුපස ලුහු බැඳීමට ආරක්ෂක අංශ ක්‍රියාකළ බවත් ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Related posts

කරාපිටිය රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සීමා කරයි

colombotoday

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Admin

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday