Colombo Today Local News

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කළුතර උතුර ප්‍රදේශයේ දී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදාගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර, දියගම ප්‍රදේශයේ දී වල්ලපට්ටා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු කලවාන, ගල්කැටියගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගෙන කළුතර උතුර පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු මුදාහැරීම සඳහා වෙනත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000 ක අල්ලසක් ලබාදීමට උත්සාහ දරා ඇත.

එහිදී එම පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර දකුණ, ගාලු පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද (15)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

“පරණ ෆයිල් උඩට ගන්න” මහජන ආරක්ෂක ලේකම් කියයි

Admin

තැපැල් සේවක වර්ජනය අදත්

colombotoday

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

ජනතා විරොධයට ජනපති හිස නමයි… සුධර්මන් රදලියගොඩ ITN තනතුරෙන් වහාම ඉවත් කරයි !

colombotoday