Colombo Today Local News

පොල් වලට උපරිම මිලක්

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.

වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.

ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගියා. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව වුණා. මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටයි.

Related posts

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රාජපක්ෂ රජයේ දරුණු පරාජයක්.. මේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ පොට් සිටිය චීනයට විශාල පාඩුවක්

colombotoday

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday