Colombo Today Local News

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට (08)දින ජනාධිපතිවරයා සමඟ පැවැත් වෙන සාකච්ඡාවෙන් පසුව තීරණය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටි.

පසුගිය සිකුරාදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වුණේ කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ‌පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බවටයි.

ජනාධිපතිවරයා උපදෙස් සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් මත හෙට(8)දින පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය සැලසුම් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පොදු ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී දැනට ලංගම හා පුද්ගලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ.

ඒ සඳහා විකල්පයක් ලෙස සංචාරක සේවා මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ, මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මගී ප්‍රවාහහන සේවාවන් සඳහා පුද්ගලික බස් රථවලට හානියක් නොවන පරිදි අවශ්‍ය වුවහොත් පමණක් යොදා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ජාතික ගමනාගමන කොමිසමට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Related posts

මත්තල ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය සමාගමකට

Admin

Artificial Intelligence පෙන්නන්න ගිහින් හත්පොළේ ගාගනී… උගතුන් හා තරුණ පරපුර ගොනාට ඇන්දුවේ යැයි චෝදනා !

colombotoday

තවත් කොවිඩ් මරණ 27ක්

colombotoday

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි කැඩේ

Admin

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday