Colombo Today Local News

පුල්මුඩේ නිවසකින් බෝම්බ උපකරණ තොගයක් අල්ලයි… නිවසේ හිමිකරු පැන යයි…

පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අරඹා ඇති සෝදිසි මෙහෙයුම් වලදී 62 වන සේනාංකයේ 622 බලසේනාවේ 20 ගජබා රෙජිමෙන්තුවේ සෙබළුන් විසින් පුල්මුඩේ පොලිස් නිලධාරීන්ගේ සහ නාවික හමුදාවේද සහාය ඇතිව පුල්මුඩේ ප්‍රදේශයේ පුපුරණ සෝදිසි මෙහෙයුමක් අද උදෑසන දියත් කොට තිබූ අතර එහිදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය හමු වී ඇත.

එහිදී ඩෙටනේටර් 89ක්, සේවානූල් 32, ‍වෝටර් ජෙල් කියුබ් 8ක් සහ ඩෙටනේටර් චාර්ජස් 2ක් සොයාගත් උපකරණ වන අතර මෙම උපකරණ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා බවට යුද හමුදාව පවසයි.

එහිදී අදාළ නිවසේ හිමිකරු වන ෆලීම් මොහොමඩ් මොහොමඩ් රිෂාබ් නැමත්තා මේ වන විට පළා ගොස් ඇති අතර ඔහු පුල්මුඩේ රෝහලේ ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇති අතර එම සැකකරුගේ වැඩිමල් සොහොයුරු වන මෙයිනා මහම්මුදු මර්සුප් නැමත්තා යුද හමුදාව හා පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර පළා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුල්මුඩෙයි පොලීසිය පරික්ෂණයක් අරඹා ඇත.

අත්අඩංගුවට ගත් ඩෙටනේටර් ඇතුළු  උපකරණ තොගය පුල්මුඩේ පොලීසිය වෙතට භාර දීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

Related posts

දියත උයනේ පාකිස්ථාන් කොඩි පොලීසිය මැදිහත්වී ගලවා දමයි.. මුස්ලිම් ඇමතිට යකා වැහෙයි !

colombotoday

“ජාතීන් වශයෙන් පාසල් ලමුන්ට අඩු වැඩි සැලකිලි, මේ ආණ්ඩුව පාසල තුළම ජාතිවාදය වපුරනවා” – හිටපු ජනපති

colombotoday

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday

”ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය අද තැන තැන කඩ සල්පිල් ගානට වැටිලා” – අස්ගිරි අනුනාහිමියෝ පවසති

colombotoday

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday