Colombo Today Local News

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

Department-of-exam-grade-5-scholorship-25 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk results.exams.gov.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල නිවැරදිව දැනගත හැකි බව ය.

එසේම ඕනෑම ජංගම දුරකතන සේවාවකින් ද ප්‍රතිඵල ලබා ගත හැකි ය.

Exam හිස්තැනක් gv හිස්තැනක් විභාග අංකය ඇතුළත් කර 1919 ට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද විභාග ප්‍රතිඵල ලබා ගත හැකි ය.

මේ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ, ලකුණු 160ක් වන අතර දෙමළ මාධ්‍ය සඳහා අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ, ලකුණු 154කි.

මේ අතර කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට අද පෙරවරු 10.30 න් පසුව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබා ගත හැකි වේ.

අනෙකුත් පාසල්වල පාසල් ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත අද දින ම තැපැල් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

Related posts

ගාලු ගිය ගයේෂාට ශ්‍රීලනියෙන් ලොකු තනතුරක් දෙයි.. “මොරටු කාන්තාවන්ගේ නායිකාව මමයි” – ගයේෂා

colombotoday

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

කුකුලුන්ට හාල් විකුණු කැලෑ පාළු ඇමති කිලෝවකින් රු12ක් කොමිස් ගහලා!

colombotoday

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

colombotoday