දේශපාලනය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නැති පුද්ගලයින් රැසක් කැබිනට් මණ්ඩලය තුළ සිටින බව සෞක්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කරන්නේ ඇතැම් ඇමතිවරුන්ට රජයේ කම්කරු පත්වීමක් හෝ ලබා ගැනීමට තරම් අධ්‍යාපන සුදුසුසුකම් නොමැති බවයි.
මහත් කැපවීමකින් ගොඩනගාගත් යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.