Colombo Today Local News

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතකදී හෝමාගම පිටිපනදී විවෘත කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය තමන් විසින් ආරම්භ කරන ලද්දක් බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

2016 වසරේදී මෙය සඳහා මුල්ගල තැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බවත් ඔහු පවසයි.

එදා මෙය ආරම්භ කරද්දි එදා රාජපක්ෂලා විසින් මුළු ගමම මීට එරෙහිව පොළඹවා උද්ඝෝෂණ කරවූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම විවෘත කිරීම මැතිවරණ කාලයේදී සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණත් ඒ ගැන විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday

පිං ඇමති බිරිය මසකට පඩි තුනක් සමග වරප්‍රසාද ගනී.. ජනපතිත් දනී, ඒත් නිහඩයි !

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday