Colombo Today Local News

පැරදුනු රනිල් පාර්ලිමේන්තුවට ගේන්න ගේමක් – සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2020/08/06 – විශේෂ නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණයකදී මන්ත්‍රී අසුනකට හිමිකම් කිව හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමකට හෝ පක්ෂයකට පමණි.

කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුල සමස්ත දිස්ත්‍රික ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කොටගෙන අනීතික සහ ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජනබලවේගයේ බලවත් විරෝධය පල කරමූ. මේ පිලිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබදව තීන්දුවක් තමන් නොගන්නා බවත් ය.එහෙත් අපගේ තර්කයත්,නීතිමය තත්ත්වයත් වන්නේ එලෙස ගණන් නොකළයුතු බවය.මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්
සමගි ජනබලවේගය

Related posts

රාජ්‍ය ගෞරව සහිතව ඉහළින් පිලිගනී.. ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති මෝදි හමුවෙයි !

colombotoday

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිලි 11000ක විමර්ශන අරඹයි

Admin

පා.ච රණවකට විරුද්ධව මහින්දානන්ද CID යයි.

colombotoday