අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සොයා ගැනීමට සහය දුන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට පොලිස්පතිවරයා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සහයෝගය ලබා දුන් සියලු දෙනාට මෙය ලබා දෙන බවය.
අද අලුයම රෝහලෙන් පැන ගිය ආසාදිතයා උදෑසන 10 ට පමණ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී සොයා ගනු ලැබීය.
එම ආසාදිතයා සොයා ගැනීමට සහය දුන් යුද හමුදාව ඇතුළු සියලූම මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය ජාලාවලට හා මහජනතාවට ද පොලීසිය සිය කෘතඥතාවය පළ කර තිබේ.