Colombo Today Local News

පාස්කු ප‍්‍රහාරය ගැන සත්‍යය හෙළි නොකරන කිසිම ජනාධිපති අපේක්‍ෂකයෙක් මා හමුවීමට එන්න එපා – මැල්කම් රංජිත් අගරදගුරුතුමා කියති

පාස්කු ප‍්‍රහාරය ගැන සත්‍යය තොරතුරු හෙළි නොකර ආණ්ඩු පක්‍ෂයෙන් හෝ විරුද්ධ පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂවලින් ඉදිරිපත් වීමට යන කිසිදු ජනාධිපති අපේක්‍ෂකයකු තමා හමුවට නොඑන ලෙස ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසූහ.

ඔහු මේ බැව් පැවසුවේ ඊයේ (31 වැනිදා) කොළඹ අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයන් ගැන සඳහන් කරමින් සමහරු තමා දේශපාලන පක්‍ෂවලට ඈඳා ගැනීමට උත්සාහ ගන්නා නමුත් තමා හඬ නඟන්නේ එදා විපතට පත් ජනතාව වෙනුවෙන් යැයිද කාදිනල්තුමන් පැවසීය.

පාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමා කොමිෂන් සභාවක් පත් කළද ඊට සිදුවූයේ කුමක්දැයි තමන් දන්නේ නැතැයිද හෙතෙම කීවේය. මෙවැනි කොමිෂන් සභා මීට පෙරත් ආණ්ඩු මගින් පත්කර තිබුණා. ඒවායේ වාර්තා කවදාවත් එළියට එන්නේ නැහැ. එනිසා ඒ වාර්තා එළියට යන්නේ නැති කොමිෂන් සභා ලෙස හැඳින්විය හැකි යැයිද කාදිනල්තුමන් සඳහන් කළේය.

රතුපස්වල ඇතිවූ සිද්ධිය ගැනත් කියන්න තිබෙන්නේ එයම යැයි පැවසූ කාදිනල්තුමන් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා මම කිසිම දේශපාලනයකට සම්බන්ධ නැහැ. මා ප‍්‍රකාශ කළේ සත්‍යයක්. පාස්කු සිද්ධියෙන් විපතට පත් අයට කෝටි ගණන් මුදල් පරිත්‍යාග කළා කියලා ප‍්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. එම පවුල්වල උදවිය තාමත් මානසිකව වේදනා විඳිනවා.

මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සිදුවිය යුතුයි. අපි ඒවාට දොස් කියන්නේ නැහැ. ඒවා පැවැත්විය යුතුයි. ඒත් ඊට කලින් පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි.

කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශක ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමාද මාධ්‍ය හමුව ඇමතීය.

Related posts

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

සම්බන්දන්, ජෝන්, එරාන්, අග රදගුරු සමගින් ජනපති නත්තල් සමරයි

colombotoday

මෛත්‍රි, රනිල් හා මහින්ද අසාර්ථක නායකයන්. – සරත් විජේසූරිය

colombotoday

පොල් වගාකිරීමේ මණ්ඩලයේ කෝටි 2 ක මුදලක් වංචාව. පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශ ලේකම් අතට

colombotoday

බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

Admin