Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ පොටෝ ෂෙයාර් කළැයි ඩුබායිහී සේවය කල ශ්‍රී ලාංකිකයන් තිදනෙක්ට වසර 3 1/2 ක සිර දඬුවම්

අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හුවමාරු කර ගත් වරදක් නිසා මෙරට තරුණයන් තිදෙනකුට ඩුබායි අධිකරණයේ සිරදඬුවමකට ලක්වීමේ පුවතක් වාර්තාවේ.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙදී ඩුබායි ජාතික ආරක්ෂක නිලධාරියකුගේ ඥාති දියණියන් දෙදෙනකු මඩකළපුව දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම දරුවන් මිය ගොස් සිට ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් මෙම තරුණයින් ෂෙයාර් කරගෙන තිබේ. එම ක්‍රියාව හේතුවෙන් ඇති වූ වේදනාව නිසා සිදු කළ පැමිණිල්ලක් මත එරට නීතිය අනුව මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර රුපියල් ලක්ෂ 08කට ආසන්න දඩ මුදලක් නොගෙවීම හේතුවෙන් සිරගතවීමේ මෙම දඩුවම නියම කර තිබේ.

ඩුබායි අධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත්තේ මහවැව – තොඩුවාවේ පදිංචිකරුවකු වන ඩබ්ලිව්. රමේෂ් ප්‍රනාන්දු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ගාල්ලේ පදිංචිකරුවකු වන විශ්ව ද සිල්වා සහ මඩකළපුවේ පදිංචි ගුණදාස් ඩිරෝන් යන අයවලුන්ටය. ඉන් අයෙක් ඩුබායිහි රජයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙසත් දෙදෙනකු එම හෝටලයේම ජීවිතාරක්ෂකයන් ලෙසත් සේවය කරමින් සිට ඇත.

ඩුබායි පොලිසිය විසින් පසුගිය නොවැම්බර් මස 04 වැනිදා ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේදී මෙකී තරුණයන් තිදෙනා තම ජංගම දුරකථනවල පාස්කු ප්‍රහාරයට අදාළව තිබූ ඡායාරූප මුහුණුපොතට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත. පසුව එරට අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එදින අධිකරණය විසින් රියාල් ලක්ෂ 05 බැගින් දඩ මුදලක් නියම කර ඇත.

එම දඩ මුදල ගෙවීමට තරුණයන් අපොහොසත් වීම නිසා ඔවුන්ව අවුරුදු 3 1/2ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය නියම කර ඇත.

Related posts

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

colombotoday

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin