Colombo Today Local News

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියන්නේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක්

“රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය විසින් මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 කට ආසන්න ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. ඔප්පුවල සදහන් වටිනාකමට අනුව එය රුපියල් මිලියන දෙසිය හතළිහක්. එම ඉඩම් මිලදී අරගෙන තිබෙන්නේ වසර තුනකුත් මාස නමයක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත. මෙතරම් මුදලක් යොදවා මෙතරම් දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් මිලදී ගත්තේ කොහොමද කියන එකයි අප කොමිසමේ අවධානයට යොමු කෙරෙව්වේ.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ…

මෙතනදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා නිදොස් කරලා තියෙනවා. අගමැතිතුමන් කියනවා දැන් රිෂාඩ් නිදහස් කියලා. ඔය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරද්දිම අපි කිව්වා මේ රිෂාඩ්ගේ කුණු සෝදන ලොන්ඩරියක් මිස ඊට වඩා වැඩි දෙයක් නෙවෙයි කියලා. එදා අපි තේරීම් කාරක සභාව වර්ජනය කිරීම නිවැරදියි කියන එක මේ වන විටත් ඔප්පු වෙලා හමාරයි.

අද ජනාධිපතිතුමාගේ කමිටුවකින් ජනාධිපතිතුමා නිදහස් වෙලා වරද අගමැතිතුමාගේ ඇඟට දාන්න හදනවා. අගමැතිතුමන්ගේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුව නිදහස් කරල වරද ජනාධිපතිතුමන් පිට පටවන්නට හදනවා. මෙතන තියෙන්නේ අර ඉංග්‍රීසියෙන් කියන blame game එකක්. ජනාධිපති අගමැති එකිනෙකාට චෝදනා වලින් ගහගන්නා අතරේ සැබෑ වැරදිකරුවන් මේවා දිහා බලමින් සිනාවෙමින් ඉන්නවා. විශේෂයෙන්ම මෙයින් අනතුරට පත්වෙච්ච කතෝලික ප්‍රජාව හඬා වැටෙමින් ඉන්නවා. මෙම කතෝලික සමාජයේ ආවේගය තමයි නිරෝෂන් පෙරේරා ඇමැතිතුමාගෙන් පිටවෙන්නේ. ඒක මේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ. එතුමා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස ඉඳගෙනත් රිෂාඩ් බදුර්දීන්ට මෙතරම් දැවැන්ත ආවේගාත්මක හැඟීම්බර විරෝධයක් පළ කරන්නේ ඔහු නියෝජනය කරන කතෝලික ප්‍රජාවේ වේදනාව කඳුල සහ කේන්තිය සමගිනුයි. එනිසා මෙම ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරය ත්‍රස්තවාදීන් රකිනවා මිසක් සාධාරණය ඉටු වේවි යැයි අප බලාපොරොත්තු වන්නේ නැහැ.

තවත් මාස තුනකින් එන අපේ ආණ්ඩුවෙන් ජනපති කොමිසමක් පත් කරලා සැබෑ වැරදිකරුවන් හඳුනාගෙන තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් කරනවා කියන ප්‍රතිඥාව අප ලබා දෙනවා.

Related posts

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday