Colombo Today Local News

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා අලුතෙන් පුටු මිළදී ගැනීම පිළිබදව පසුගියදිනවල පලවූ පුවත සම්සබන්ධයෙන් කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.

පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අළුත් පුටු මිල දී ගැනිමේ කිසිඳු සුදානමක් නොමැති බව දැනුම් දීමයි.

පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව අවධාරණය කරමු. එමෙන්ම, පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැත.

විශේෂයෙන්ම පාර්ලිමේන්තු සභාගර්භය තුල ඇති ආසන සහ අනෙකුත් සියළු උපකරණ කිසියම් ‍‍‍‍ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක් සිදු කරන්නේනම් එය ඉතා අරපරිස්මින් යුතුව සිදු කල යුතු කාර්යයක් බව ගරු කථානායකතුමාගේ අදහසයි.

එබැවින්, කෙතරම් පැරණිවුවද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් වල යම් අබලන් තත්වයක් පවතීනම් අවම වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී ගැනීම නොකල යුතු බවත්, පාර්ලිමේන්තුවේ පෞඪ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් කථානායකවරයා විසින් දැඩිව අවධාරණය කර ඇත.

කෙසේ වෙතත්, ලෝකයේ දසතින් වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා 3500 ඉක්මවන පාසල් සිසුන් ඇතුළුව විශාල ජනතාවක් ද පැමිණෙන රටේ පාලන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කාලීනව පැන නගින අවශ්‍යතා මත පිලිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ වගකීම බැහැරකල නොහැක.

නමුත්, එම කටයුක්ත උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදුකරණ බවට ගරු කථානායකතුමන්ගේ පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මේ අනූව, දැනට පාර්ලිමේන්තු වහලයේ සහ මල නාලිකා පද්ධතියේ ද වැසිකිලි පද්ධතියේ ද පිලිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇත.

සැබෑ තත්වය එසේ වන හෙයින්, පාර්මේන්තුවට අළුතින් පුටු මිලදී ගැනීමට සුදනම් වන බවට පතුරවමින් පවතින පුවත කිසියම් පාර්ශවයක් විසින් කරුණු විකෘති කර නිර්මාණය කරන ලද පුවතක් බවත්, මෙය පාර්ලිමේන්තුවත් එහි නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත ලෙස මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකල පහත් ක්‍රියාවක් බවත්, අවධාරණය කරමු.

පාර්ලිමේන්තුවට නව පුටු මිලදී ගැනීමක් පිලිබඳව වත්මන් කථානායකතුමන්ගේ ධූර කාලය තුල මේ දක්වා කිසිඳු අවධානයක් යොමු කර නොමැති අතර, ඉදිරියේ දී ද එවැනි කටයුත්තක් සිදු නොවනු ඇත. එය කලානුරූපව පැන නගින අවශ්‍යතා අනූව අනාගතයේ දී පත්වන වෙනත් කථානායකවරයෙකුට භාර කටයුක්තක්ම වනු ඇත.

ස්වකීය ධුරයට පත් වූ දින සිට හිටපු කථානායකතුමන්ගේ පැරණි නිළ රථය අළුත්වැඩියා කර භාවිතයට ගනිමින් හිටපු කථානායකතුමන් භාවිතා කළ නිළ කබාය තමාට සුදුසු පරිදි සකස් කර භාවිතා කරමින්, මහජන මුදල් ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන කථානායක කරු ජයසුරිය මැතිතුමන් ලබා දුන් ආදර්ශය මත පිහිටා පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරනු ඇත.

කථානායක මාධ්‍ය අංශය

Related posts

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

Admin

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday

දකුණේ ධීවරයන්ට උතුරට එන්න මින්පසු ඉඩ දෙන්නෑ.. ද්‍රවිඩ සන්ධානයෙන් තර්ජණ

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin