Colombo Today Local News

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ගණන් ළගදීම ඉහළ දැමීමට සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඇයවැයෙන් ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග කළ සාකච්ඡා අසාර්ථක වීම ඊට හේතුව බව එම සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේය.

ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 4දක්වා ඉහළ දැමීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන් ඉහළ දමන බව මීට පෙර එම සංගමය ප්‍රකාශ කර තිබුණු අතර මුදල් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්ත පලකිරීමත් සමස මිළ ගණන් ඉහළ දැමීම තාවකාලික අත්හිටුවනු ලැබීය.

එහෙත් එම සාකච්ඡා අසාර්ථක වූ නිසා පාන් හා බේකරි නිශ්පාදනවල මිළ ගණන් ළගදීම ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය පවසන්නේ.

Related posts

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

colombotoday

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

colombotoday