Colombo Today Local News

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා. – ජනපති කියයි

පේ රටේ පාතාලයේ කුඩුකාරයා, අපරාධකාරයා ඩුබායිවලදී අල්ලාගත්ත එකට උප්පැන්නේ දෙන්න දැන් බොහෝ පිරිසක්‌ සිටිනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

 පාතාලයේ කට්‌ටිය ඒ විදියට ඇල්ලීම සඳහා දැල එලුවේ දැනට අවුරුදු ගණනකට පෙර සිට යෑයි ආණ්‌ඩුවේ එක්‌තරා ඇමැතිවරයකු ප්‍රකාශ කළ බවක්‌ පුවත්පතක පළවී තිබෙනු තමන් දුටු බවද ජනාධිපතිවරයා කීය.
 
 “අනුන් කරපු දේවල්වලින් සතුටු වෙනවට වැඩිය අපි අප විසින් කරන දෙයින් සතුටු වෙන්නට ඕන. දැන් දවසක්‌, දෙකක්‌, තුනක්‌ යනවා මාධ්‍යවල හෝගාලා අර ඩුබායිවල අපේ අපරාධකාරයා අල්ලගත්ත එක යනවා.” පාතාලයේ මත්කුඩුකාරයෙක්‌. දැන් ඒගොල්ල අල්ලගත්ත එකට උප්පැන්නේ දෙන්න කොච්චර අය ඉන්නවද? ඒකට අයිතිකාරයෝ දැන් කොච්චර ඉදිරිපත් වෙලා ඉන්නවාද? මම දැක්‌කා අද පත්තරේක කියලා තියෙනවා එක ඇමැතිවරයෙක්‌ ආණ්‌ඩුවේ මේ එස්‌.ටී.එµa. එකට ගියපු කට්‌ටිය පාතාලයේ කට්‌ටිය ඔය විදියට අල්ලන්න ඔය දැල එලුවේ දැන් අවුරුදු ගාණකට ඉස්‌සෙල්ලයි කියලා. තමන් වැඩක්‌ කරලා, තමන් සතුටුවෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටුවීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්‌.”

Related posts

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

ෂරියා මූල්‍ය සමාගමක් පිහිටුවාගෙන කෝටි 120ක පොල්ලක් තබා ඉන්දියාවට පැන්න ෂිහාම් සීරීබ් අත්අඩංගුවට

colombotoday

ගෝන මස් කිලෝ 19ක් සමඟ හමුදා සෙබළකු අල්ලයි

Admin

නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලට

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday