Colombo Today Local NewsHot News

ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකා

sobitha himi - kalo fonseka

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ ආකාරය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වශයෙන් තමන්ට ප්‍රශ්නයක් පවතින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. උන්වහන්සේට සිදුකළ හදවත් සැත්කම පෙර සැලසුම් සහිතව සංවිධානාත්මකව කළ බවත් එයින් පසු උන්වහන්සේ අසනීප වීම පිළිබදව විමසීමේදී වෛද්‍ය විද්‍යාත්මකව යම් හෝ ප්‍රශ්නකාරී දෙයක් සිදුව ඇති බව පෙනී යන්නේ යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

පසුගයි සැප්තැම්බර් 26 වැනිදා උන්වහන්සේට පෞද්ගලික රෝහලකදී සිදු කළ සැත්කම් දෙකෙන් පසුව කාලය අතර තුරදී සෝභිත හිමියන්ට ප්‍රතිකාර ගත් ස්ථානය වරින් වර සයවතාවක්ම වෙනස් කිරීමට සිදු වීමෙන් මෙම තත්ත්වය පෙනී යන බවයි මහාචාර්ය වරයා සදහන් කරන්නේ. තමන් ප්‍රගුණ කර ඇති වෛද්‍ය විද්‍යාවට අනුව තමන්ගේ කල්‍යාණ මිතුරකු වූ සෝභිත හිමියන් මෙලස අපවත් වීම තමන්ද මවිතයට පත් කිරීමට හේතුවක් බවද ‍කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.

මේ අතර සෝභිත හිමියන්ගේ හදිසි අපවත්වීම පිළිබදව ආණ්ඩුව අභ්‍යන්තරයේද මේ වන විට කතා බහ වෙමින් පවතින බව වාර්තා වනවා. සෝභිත හිමියන් පැවති පාලනය පරාජය කිරීමට තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළා මෙන්ම වත්මන් ආණ්ඩුව හරහා ජනතා ඉල්ලීම් දිනා දීමට ඉදිරියේදී ද තීරණාත්මක කාර්භාරයක් ඉටු කිරීමට නියමිතව සිටියදී කුමන්ත්‍රණකාරී ලෙස උන් වහන්සේ අපවත් කළාද යන්න පිළිබදවද උන්වහන්සේගේ අපවත් වීමට අදාලව සැක කටයුතු සිදුවීම් රාශියක් කෙරෙහි අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මීට පෙර අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්ට ද අත්වූයේ මෙවැනිම ඉරණමක් බවත් උන්වහන්සේට සිදු වූ අසාධාරණය කිසිසේත්ම සෝභිත හිමියන්ට අත්වන්නට ඉඩ නොදිය යුතු බවටත් එබැවින් මේ පිළිබදව සාධාරණ පරීක්ෂණයක් සිදු විය යුතු බවටත් මේ පාර්වවල අදහස වී ඇතැයි එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.

මේ සම්බන්යෙන් අප පෙර පලකළ පුවත “සෝභිත හිමි අපවත්වීමට හේතු වූ සැත්කමේ අභිරහස?”

Related posts

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම්

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

ජනපති ඝාතන තැතක් ! උතුරෙන්, නැගෙනහිරින් 05ක් අල්ලයි…

colombotoday