Colombo Today Local News

ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ කොකේන් නඩුව අවසන් වෙයි

පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයට අදාළව ප‍්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවිම මත එම නඩුව අවසන් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ ප‍්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම හේතුවෙන් පැමිණිල්ල සම්බන්ධ විමර්ශන අවසන් කරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

‘සත්‍ය ගවේෂකයෝ’ නැමැති සංවිධානයේ නිතීඥ පේ‍්‍රමනාත් චමින්ද දොළවත්ත මහතා විසින් සිදුකරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.

Related posts

නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීම හෙට

colombotoday

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

සම්පත් බැංකුව පිහිටා ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. සම්පත් බැංකුවේ හටගත් උණුසුම් තත්වයට ප්‍රතිචාර දක්වමින් නිමල් පෙරේරා කියයි

colombotoday

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday