Colombo Today Local NewsCovid 19

පළා ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී

IDH රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිත කන්දකාඩු රැඳවියා කොළඹ ජාතික රෝහලේ භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේදී පොලිසිය සහ යුධ හමුදා බුද්ධි අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා.

මෙම රෝගියා අද අළුයම 3.00 ට පමණ IDH රෝහලේ සිට පළා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.

රෝහලෙන් පළා ගිය මෙම රඳවියා කොළඹ, පිටකොටුව කෙලින් වීදිය ප්‍රදේශයට ගොස් ඇති අතර පසුව එහි සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවයි අනාවරණය වන්නේ.

මොහු IDH රෝහලේ සිට කොළඹ, පිටකොටුව බලා ගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කොට ඇත.

මෙම කොරෝනා ආසාදිත රැඳවියා ප්‍රතිකාර සඳහා යළි IDH රෝහලට ඇතුලත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

Related posts

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

සිඟිත්තන්ගේ අවුරුදු උත්සවායට චූටි ටීචර්ට යන්න බරි වෙයි… එන අතර මඟදී ඝාතනය කරලා

Admin

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරයි

Admin