Colombo Today Local News

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47, 177 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව අනාවරණය විය. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බව ඔහු සදහන් කළේය.

පවත්නා නීති වල පවත්නා මෘදුභාවය හා යුක්තිය ඉටු කිරීමේ අකාර්යක්ෂම බව පිළිබඳව සියලු දෙනා එකඟ වනු ඇත. එම නිසා වැරදිකරුවන් වැරදි කිරීම සඳහා වන පෙළඹවීම වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව ඇති දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් අවධාරණය කර සිටියි.

Related posts

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම යටතේ ඉන්දියන් ජාතික සිරකරුවන් දෙදෙනෙකු ඉන්දියවට භාර දෙයි.

colombotoday

සිගරට්වලට වඩා බීඩි හොදායි – ඇමති රාජිත

colombotoday

යහපාලනය සමග දුරාචාරයේ ගිය ඇතැම් විනිසුරන්ගේ, පොලිස් ලොක්කන්ගේ ඇදිවත රන්ජන් උනා දැමුවා…. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් දේශපාලන බලපෑමට ලබාදුන් බව තහවුරුයි !

colombotoday

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday