Colombo Today Local News

පර්පෙචුවල් ට්‍රෙසරීස් චෙක්පත් තොගයක් විනාශ කරලා… ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත මැති ඇමතිලා බේරෙන ලකුණු…

ආන්දෝලනාත්මක පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගම හරහා රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගත් බව කියන මැති ඇමැතිවරුන් අදාළ චෝදනාවලින් නිදහස් වන ලකුණු පහළ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් උපයාගත් බව කියන බිලියන ගණනක මුදලක් පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමට අනුබද්ධ සමාගම් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට ලබා දී ඇතැයි පවසන සිද්ධීන් පසුගිය කාලය පුරාම රටේ මහත් කතාබහට ලක් විය.

නමුත් නීතිපතිවරයා, අධිකරණය වෙත දැනුම් දී ඇත්තේ පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගම හරහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් තුන්වැනි පාර්ශ්ව වෙත මුදල් ගෙවූ බව කියන චෙක්පත් 102කට අදාළ වවුචර් පත් එම සමාගම් විසින් විනාශ කර ඇති බවයි. බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම පරීක්ෂණ පවත්වමින් සිටින අතරතුරදී අදාළ වවුචර් පත් විනාශ කර තිබෙන අතර ඒ අනුව අදාළ මුදල් ලබාගත් පුද්ගලයින් අනාවරණය කර ගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

Related posts

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

සම්බාහනයට ගිය දොස්තරගේ ලක්ෂ 10ක් ගලවයි

Admin

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

සූර්ය බල ශක්ති මත විදුලිය ලබා දීමට සෑම පංසලකටම රුපියල් ලක්ෂ තුන බැගින්

colombotoday

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday