Colombo Today Local News

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

රාමසාන් උපවාස සමයේ සියලුම ආගමික වතාවත් සඳහා අවස්ථා සලසා දී ඇති බැවින් නිරෝධායන කටයුතු සඳහා එක්වන ලෙස කොරෝනා ආසාදිතයන් බවට සැක කරන සැඟවී සිටින මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ලබන 25 දා සිට රාමසාන් උපවාස සමය පටන් ගැනෙන අතර නිරෝධායන මධ්‍යස්ථානවලදී තමන්ට උපවාස කිරීමට නොහැකි වේ යැයි බියෙන් ඇතැමුන් නොපැමිණෙන බව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි.

කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන සැඟ වී සිටින මුස්ලිම් ජාතිකයන් හතළිස් නවදෙනකු පැය 24ක් තුළ සොයාගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා රහස් බුද්ධි සේවාවේ වාර්තාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමුකර තිබුණේ මෙම සතියේදීය.

Aruna

Related posts

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

colombotoday

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

මව්බිමේ දරුවන් වෙනුවෙන් වූහාන් මරු කටට ගිය ගුවන් විරුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හරසර !

colombotoday