Colombo Today Local News

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

නීති විරෝධී ලෙස පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කෑගල්ල වතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) රාත්‍රීයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මිලිමීටර් අට වර්ගයේ පිස්තෝලයක් සොයාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධවල නියැලි ඇති සැකකරුවෙකු බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වල දී හෙළි වු තොරතුරු මත පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශය විසින් රංවල ප්‍රදේශයේ හෝටලයක් පරික්ෂාවට ලක්කර වෙඩි නොවදින පපු ආවරණයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ වෙඩි නොවදින පපු ආවරණය විදේශ රටක නිෂ්පාදිත සන්නද්ධ හමුදාව විසින් භාවිත කරනු ලබන විශේෂ බැලැස්ටික් වර්ගයේ පපු ආවරණයක් බව හඳුනාගෙන තිබේ.

එහි අනන්‍යතාව නිසි ආකාරව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීම නතර කරන්නැයි යාපනය දිසාපතිගෙන් නියෝගයක්!

colombotoday

නිවසක දැමූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රා.ලේකම් ඇවිත් බලහත්කාරයෙන් ගලවා දමයි !

colombotoday

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday