Colombo Today Local News

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය හා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙම වැටලීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟතබාගත් පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්250 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

ගංජා, අයිස් ඇතුළු වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ලඟ තබාගත් පුද්ගලයින් 181 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසා සිටයි.

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යළි දිවයිනට

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..

Admin