Colombo Today Local News

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව, සින්නපණ්ඩිවිරිච්චාන් සහ උඩවලව යන ප්‍රදේශවලදී මෙම ගිනිඅවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පරයානකුලම් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් අද (19)දින අළුයම සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි සින්නපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

මේ අතර උඩවලව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව, කරපිංචලන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 48 හැවිරිදි ගල්පොත්තයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සැකකරුවන් මන්නාර සහ වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

සති තුනේ කිරිකැටියා කෝවිලක් ඉදිරියේ පෙට්ටියක දමා ගිහින් !

colombotoday

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

සාද පැවැත් වු නගරාධිපතිට ඇප | සියලු දෙනා නිවෙස් නිරෝධානයට

colombotoday

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday