ආගමන විගමන නිීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය, බොරලන්ද ප්රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.
වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටීම ඔවුන්ට එල්ලවි ඇති චෝදනාවයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් අවුරුදු 24 ත් – 42 ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අද නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.