Colombo Today Local News

නීතිය නවන්න ගිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නොතිසි

ගාල්ල කොටුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිවසක් අවසරයකින් තොරව අලුත්වැඩියා කරන ලද පුද්ගලයකුට එරෙහිව ඉදිරි නිතිමය කටුයුතු නොකරන ලෙසට ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයට ලිපියක් නිකුත් කිරිම සම්බන්ධයෙන් ජුනි 21 වැනි දා අධිකරණයේ පෙනි සිටින ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බි.මණ්ඩාවල මහතාට නොතිසි නිකුත් කිරිමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා ඊයේ (31) නියෝග කළේය.

ගාල්ල කොටුවේ ලේන්බාන් විදියේ පුද්ගලයකු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නිවසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව අලුත්වැඩියා කිරිම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලයේ නිලධාරිනියක් මගින් ගාල්ල පුරාවස්තු ඒකකයට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව එම ඒකකය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් පසු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා ගාල්ල කොටුවේ පිහිටි දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් නිකුත් කරමින් එම සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර නොගන්නා ලෙසට දන්වා ඇත.

එම ලිපිය අනුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරිය ද ගාල්ල දිසා පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයට දන්වා ඇත්තේ සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය කටුයුතු නොකරන ලෙසටය.

එහෙත් අද මේ පිළිබඳව පුරාවස්තු ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකය වැඩිදුරටත් කරුණු වාර්තා කරමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධයෙන් ඔහුට නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොතීසි නිකුත් කිරිමටත් සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday

මහින්දට විපක්ෂ නායකකම ඉල්ලා ඒකාබද්ධය ජාත්‍යන්තරයට යයි

colombotoday

සෞඛ්‍ය ඇමති කෙහෙළිය මහනුවරදී හූ හඬ මැද පැන දුවයි

Admin

අනාගත ශ්‍රීලනිප නායකයා මමයි… මහමැතිවරණයේදී මට විතරක් මනාප දෙන්න – දයාසිරි

colombotoday