Colombo Today Local News

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රකින බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ වළං හෝදන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙනවා නම් ඇමැතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් බොරුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති රකින බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ වළං හෝදන්න එපා කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පැවැසීය.

එජාපයත් සමඟ අවුරුදු තුනක් සිරියහනේ සැතපී සිටි ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලනිපය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරන බවද ඒ මහතා පැවැසුවේය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (1දා) නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද කීය.

තව දින 10කින් මේ රටේ තීරණාත්මක මැතිවරණය පැවැත්වෙනවා. මේ මැතිවරණය යහපාලන ආණ්ඩුව තව ඉදිරියට තියා ගන්නවාද නැද්ද යන කාරණය ගැන ජනතාවගේ මතය පළ කරන අවස්ථාවයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවාලු. බැඳුම්කර වංචාව පිළිබඳ කොමිසම සාක්ෂි සටහන් කරන අවස්ථාවේ දප්පුල ලිවේරා මහතාව එයින් ඉවත් කරලා. එතුමා හරස් ප්‍රශ්න අහන විට අද වරදකරු වන මහ මොළකරු කවුද කියන දේ අපි දැක්කා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා 96 දෙනාම එකට හිට ගත්තොත් ආණ්ඩුවක් හදනවා කියලා. ඊට පස්සේ දවසේ කියනවා හොරුන්ට එන්න බැහැ ඒක දන්න නිසයි මම එහෙම කිව්වේ කියලා. හරියට නරියාට මිදි තිත්තයි කිව්වා වගේ. ඔබතුමා දූෂිතයන් වෙනුවෙන් ලොකු හඬක් නඟනවානේ. ගිරිබාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමද්‍යප සභාපති සූර් වී යකා නටලා. කසිප්පු බාගයකුත් එක්ක අත්අඩංගුවේ කියලා පත්තරේ තියෙනවා. ඡන්දෙට නාම යෝජනා දෙන වෙලාවේ කිව්වා පිරිසුදුම අපේක්ෂකයෝ ඉන්නේ සන්ධානයේ කිව්වා. තව පත්තරේක තියෙනවා උෟවේ මහ ඇමැති අද මානව හිමිකම් කොමිසමේ කියලා.

Related posts

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමේ තීරණයක්

colombotoday

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් කුකුළු මස් – බිත්තර අඩු කරන යෝජනාවක්

Admin

TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමට කඩා පනී.. ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි

colombotoday