Colombo Today Local News

නාපානේ මහ නා හිමි වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් විපක්ෂය ඉල්ලයි. කථානායක ප්‍රතික්ෂේප කරයි.

අයවැය විවාදය අද (21) දිනට ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ අපවත්වී වදාළ නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙසයි. නමුත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඒ සඳහා වෙනම යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

විපක්ෂ නායක –
“මේක වාද විවාද කරන්න දෙයක් නෙමෙයි. 2015 අස්ගිරි මහනාහිමියන් අපවත්වූ අවස්ථාවෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා. ඒකට විරුද්ධ වෙන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කථානායකතුමනි”.

කථානායක –
“ඊට වඩා ගෞරවණීයයි. පිළිවෙලයි. යෝජනාවක් සම්මත කරලා දෙගොල්ලෝම ‍එකට මේක කළානම්.”
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එය කළ යුතු වුවත් මේ මොහොතේ නොකර එය යෝජනාවක් ඉදිරිපත් කර සවස පක්ෂ නායක රැස්වීමේදී සම්මත කරගෙන සිදුකිරීම යෝග්‍ය බවයි. නමුත් විපක්ෂ මන්ත්‍රීවරු ඊට එකඟත්වය පළ නොකළ අතර කථානායකවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර සභාවේ කටයුතු ආරම්භ කළේය.

Related posts

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

“මොන බාධක ආවත් ජනාධිපතිවරණයට එනවා”

colombotoday

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

colombotoday

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

Admin