Colombo Today Local News

නාඩගම් නවතා මැතිවරණයකට එන්න – අගමැති මහින්දගෙන් අභියෝගයක්

බලහත්කාරයෙන් හෝ අපවාද කිරීමෙන් අගමැති ධුරය ලබාගැනීමට ඉඩ නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. නීත්‍යනුකූලව තමන්ට බහුතර කැමැත්ත ඇති බව රනිල් වික්‍රමසිංහ ඔප්පු කළ ඕනෑම මොහොතක තමන් අගමැති ධුරය අතහැර දමන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. තම අගමැති ධුරය වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවද රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේය.

මම අගමැති ධුරය බාර ගත්තේ මගේ වුවමනාවට බලහත්කාරයෙන් නොවෙයි. රටේ උද්ගතව තිබූ තත්ත්වය තුළ අගමැති ධුරය බාරගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මගෙන් කළ ඉල්ලීම අනුවයි මම අගමැති ධුරය බාරගත්තේ. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව අගමැති පත් කිරීමේ බලය ජනපති සතුව තිබෙන නිසා ඊට ගරු කරමින් අගමැති තනතුර මම බාර ගත්තේ තනතුරට කෑදරකම නිසා නොව රට විනාශ කිරීම නතර කිරීමේ අරමුණ ඇතිවයි.

ජනාධිපතිවරයාගේ තීරණයට දැන් එජාපය අභියෝග කරනවා. එවැනි අභියෝගයක් කළ හැකි ක්‍රමයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළාම කටයුතු කළ යුතු පිළිවෙළක් තිබෙනවා. එහෙම නැතුව රස්තියාදුකාරයන් සේ එය කළ නොහැකියි.

මගේ පාලන කාලයේ මම කිසිම දවසක මැතිවරණ කල් දාලා නෑ. ජනාධිපති ධුරයේ තවත් වසර දෙකක් තිබියදී මම ඡන්දයකට ගියා. අද එජාපය හා ඔවුන් සමග සිටින ජවිපෙ හා ටීඑන්ඒ ඡන්දවලට බයයි. ඔවුන් දන්නවා ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බව. මම ඒ අයගෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් නොකර ජනතා කැමැත්තට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න මැතිවරණයක් පවත්වන්න ඉඩ දෙන්න කියලයි යැයිද රාජපක්ෂ මහතා දකුණේ පැවැති උත්සවයකදී පැවැසීය.

Related posts

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලැබී නැහැ

colombotoday

වලපනේ භූ කම්පනයක්

colombotoday

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

colombotoday