Colombo Today Local News

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සිදු වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම පොලිස් පරීක්ෂකවරයා, වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති අංක 189, කිරිකත්ත , වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයෙකි.

සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇත.

ඉහත ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලීසිය පවසයි.

තොරතුරු දැන්විය යුතු දුරකථන අංක – 071 859 17 67 / 0112 42 21 76

Related posts

පවිත්‍රාගෙන් සහ ඇගේ සැමියාගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

colombotoday

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 179 ක් අත්අඩංගුවට

colombotoday

පාගමන් ගිය මන්ත්‍රීලාට මොකද වෙන්නේ, ඉදිරියේදී බලා ගන්න පුළුවන් – ශ්‍රීලනිප මහලේකම්

colombotoday

Covid මරණ ආදාහන කිරීම: ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරයි.

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin