Colombo Today Local News

නව රේගු අධ්‍යක්ෂ ෂෙමාල් ප්‍රනාන්දු රණවිරුවන්ට එරෙහිව ඩයස්පෝරා කුමන්ත්‍රණ ඉටුකළ අයෙක්

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කල චාල්ස් මහත්මිය ඉවත් කොට, ඔලිම්පික් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශ්‍රාමික රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු පත් කිරීම පිළිබඳව මේ වන විට අර්බුදකාරී තත්වයක් උද්ගතව ඇත.

2012 වසරේදී නාවික හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරන අතරතුර, යකඩ කූරු මිල දී ගැනිමකදී තම පුදිගල්ක ගිනුමකට මුදල් බැර කිරීමේ සිදුවීමක් සම්බන්දව, අල්ලස් කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටින අතර තුර රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මංගල සමරවීර මුදල් ඇමතිවරයා විසින් පත්කිරීමට කටයුතු කර ඇත.

රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු, නාවික හමුදා රණවිරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිලි සිදුකර දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණ ඉටු කිරීමට කටයුතු කල පුද්ගලයෙක් බව නාවික හමුදා විශ්‍රාමික නිලධාරියකු Colombo Today වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. එම ක්‍රියාවට ප්‍රති උපකාරයක් ලෙස කොටි ඩයස්පෝරා අතකොළුවක් බවට පත්ව සිටින ඇමතිවරු ලවා, මුදල් අවභාවිතා චෝදනා ඉවත් කර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට ඔහු පත් කිරීමට කටයුතු කර ඇති බව නම ප්‍රසිද්ධ කිරීමට අකමැති වූ එම නිලධාරියා වැඩිදුරටත් අප සමග සඳහන් කර සිටියා.

මෙයට විරෝධය දක්වමින් රේගු වැඩ වර්ජනයක් මෙන්ම නාවික හමුදාව තුලද නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

Related posts

සාමකාමී විරෝධතාකරුවන්ට අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දකිනවා – යුරෝපා සංගමය

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

කිරි ගව සොරකම් දඩය ලක්ෂ 10 කරන්නැයි උපදෙස්

Admin