Colombo Today Local News

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඒ 350 – 900 ගුවන් යානා තුනක මිලදී ගැනීම අවලංගු කිරීමේදී ඊට අදාළ කොන්දේසි අනුව සමාගමට ලබා ගැනීමට සිදු වූ දැනට භාවිතා නොකර නවත්වා තිබෙන ඒ 330 – 220 ගුවන් යානයක්‌ වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 130ක්‌ (මසකට රුපියල් මිලියන 110 ක්‌) ගෙවීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ අභ්‍යන්තර විගණක මහේෂ් නානායක්‌කාර මහතා ඊයේ (01) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

පෙර රජය යටතේ ලීස්‌ කර ලබා ගත් මේ ගුවන් යානා පසුව බලයට පත් වූ යහපාලන රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය විසින් මේ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කරන ලදී.

අදාළ ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කිරීමේ ගිවිසුමට අනුව මෙම ඒ 330 – 220 ගුවන් යානය ලබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුව ඇති බවද ඊයේ (01) කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහේෂ් නානායක්‌කාර මහතා පැවසීය.

මෙම ගුවන් යානයට අදාළ ගෙවීම් සමාගමේ අභ්‍යන්තර විගණනයට ලක්‌ව නොමැති බව රජයේ නීතීඥයා අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සාක්‌ෂිකරු පිළිගත්තේය.

එම මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු පිළිගත්තේය.

කොමිසම් හමුවේ රජයේ නීතීඥයා සාක්‌ෂිකරු අමතමින් කීවේ ඔහු තම රාජකාරි වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බවයි. එහෙත් සාක්‌ෂිකරු මේ බව පිළිනොගන්නා බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්‌ඩලයක්‌ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටිති.

කොමිසම ඊයේ (01) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.

Related posts

අමාරුම වෙලාවේ උදව් කරේ ගඩාෆි, එක ඇමතුමෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා – හිටපු ජනපති හෙළි කරයි.

colombotoday

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday