World

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

ඇමරිකාවේ ධවල මන්දිර ප‍්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලිව අනාවරණය වී නොමැති නමුත් මුහුණු ආවරණයක් නොමැතිව ප‍්‍රසිද්ධ අවස්ථාවල ඔහු පෙනී සිටි බව වාර්තා වේ.

මේ අනුව ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් මහතාගේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී ක‍්‍රියාකළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ ආසන්නම අවස්ථාව මෙයයි.

පසුගිය මාසයේ උතුරු කැරොලිනාවේ ග‍්‍රීන්විල්හි පැවති ට‍්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ රැලියකටද මෙඩෝස් මහතා සහභාගී වී තිබුණි.

ට‍්‍රම්ප් මහතාගේ ආධාරකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ධවල මන්දිරයේ පැවති මැතිවරණ දින රාත‍්‍රියේ සාදයකටද ඔහු සහභාගී වී තිබේ.

මේ අතර ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 230,000 කට අධිකය.

අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේ එරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 127,000 අධික සංඛ්‍යාවක් ඊයේ එරටින් වාර්තා විය.

කොරෝනා වෛරසයේ පැතිරීම එරට ජනාධිපතිවරණයේ ප‍්‍රධාන මාතෘකාවක් බවටද පත්වුණි.

Related posts

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ගුරුවරයෙකුගේ හිස ගසා දැමීමත් සමගම ප්‍රංශය නබි තුමාගේ චාලි හෙබ්ඩෝ කාටුන් පෙන්වයි

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

colombotoday