Colombo Today Local News

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…


එක්සත් ජාතික පක්ෂය සමඟ රහස්  ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය  පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය  ගත් පියවර හෑල්ලූවට ලක් කරමින්  එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.


මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය  සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද  ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

Related posts

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

මහ මැතිවරණයට පෙර නාමල් අත්අඩංගුවට ගන්න සූදානම්?

Admin

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday