Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ පුතා පැදවූ සුපිරි රථය තවමත් පොලිසියට ඉදිරිපත් කර නෑ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් දෙමටගොඩ පොලීසිය විසින් සිය භාරයට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත එම මෝටර් රථය මුදාහැර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ ජනවාරි මස 21 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කොළඹ, අලූත්කඬේ අංක 7 අධිකරණයේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

ඉකුත් අගෝස්තු මස 30 වැනිදා දෙමටගොඩ පොලීසිය මගින් මෙලෙස සිය භාරයට ගෙන තිබුණේ, ලියාපදිංචි නොකළ වාහනයක් දෙමටගොඩ ප‍්‍රදේශයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය විසින් දෙමටගොඩ පොලීසියට මේ පිළිබද දැනුම්දීමෙන් අනතුරුව දෙමටගොඩ පොලීසිය විසින් සිරිනායක පතිරගේ තිළිණ නයනජිත් වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා විසින් පැදවූ එම මෝටර් රථය සිය භාරයට ගෙන තිබෙනවා.

අනතුරුව අංක තහඩු සවිකර නැවත එම වාහනය රැගෙනවිත් පොලීසියට ඉදිරිපත් කරන ලෙසටයි පොලීසිය දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට දැනුම්දී තිබුණේ. ඔහු මෙලෙස අංක තහඩු නොමැතිව ධාවනය කර තිබුණේ රැන්ග්ලර් වර්ගයේ ජීප් රථයක්.

කෙසේවෙතත් දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයාට අයත් අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය විසින් මුදාහැර තිබුණේ දින 14 ක් සඳහා වලංගු වන තාවකාලික බලපත‍්‍රයක් යටතේයි. කෙසේවෙතත් ඔහු මේ වනතෙක් අංක තහඩු සවි කර අදාළ මෝටර් රථය දෙමටගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර නැහැ.

ඒ අනුවයි දෙමටගොඩ පොලීසිය අලූත්කඬේ අංක 07 අධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ.

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

සෞඛ්‍ය වෘත්තිය ‍වේදින්ගේ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කැළි කසල බැහැර කීරීම ගැන ජනපතිගේ ගැසට් පත්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා

colombotoday