Colombo Today Local News

දූෂණ අක්‍රමිකතාවලින් ලංකාව තවත් පිම්මක් ඉදිරියට… ලෝක දර්ශකයේ අලුත්ම තැන මෙන්න

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් මගින් නිකුත් කරන ගෝලීය දූෂණ අක්‍රමිකතා දර්ශකයේ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන හතරක් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව දූෂිත රටවල් 180ක් ලැයිස්තුගත වී ඇති අතර 2016 දර්ශකෙය්දී 95 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2017 දර්ශකයට අනුව 91 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

රට වැසියන් පොදු සේවා භාවිතයේදී දූෂණ අක්‍රමිකතාවලට මුහුණ දීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබීම මෙම දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට අගයක සිටීමට හේතුවක් වී තිබේ. එය කසළ කළමනාකරණයේ සිට පාසල්වලට නව බඳවාගැනීම් දක්වාම පැතිර ඇති තත්ත්වයක් බව ශ්‍රී ලංකාවේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විධායක අධ්‍යක්ෂක අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙය 0සිට 100 දක්වා ලකුණු ලබාදීමක් අනුව සිදුවන අතර 2017 වසරේදී ලංකාව ලකුණු 38ක් ලබා ඇත. මෙම වසරේ සියලු රටවල්වලින් තුනෙන් දෙකක් ලකුණු 50ට වඩා අඩුවෙන් ලබා ඇත. සමස්ත ලෝකයම සලකා බැලූ කල එක් රටක ලකුණු සංක්‍යාව 43කි. ඉන්දියාව ලකුණු 40ක් ලබා තිබේ. දූෂණ අක්‍රමිකතා අධිකව වැඩි රටවල දිනකට එක් මාධ්‍යවේදියකු මිය යන තත්ත්වයක් උද්ගතව ඇත.

මෙහි වැඩිම ලකුණු 89ක් ලබාගත් නවසීලන්තය පළමු ස්ථානයේ පසුවෙයි. ඉන්පසු පිළිවෙළින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය සිටී. සිංගප්පූරුව, ස්වීඩනය සමග 6 වැනි ස්ථානයේ සමතැන් ගෙන තිබේ. රුසියාව ලකුණු 29ක් ගෙන 135 වැනි ස්ථානයේ පසුවීම සුවිශේෂීය.

අද

Related posts

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

colombotoday

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday