Colombo Today Local News

දුටුතැන අල්ලනු… අර්ජුන්ට, උදයංගට ජාත්‍යන්තර රතු වරෙන්තු…

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන ජාත්‍යන්තර රතු වරෙන්තු අවලංගු කරන ලෙස ඉල්ලමින් අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග වීරතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා දෙක ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කළහ.

මේ බව ජාත්‍යන්තර පොලීසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ටද මිග් ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටද ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමේ නියෝග පනවා තිබිණි.

අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග මෙම රතු වරෙන්තු දෙක අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලයට අභියාචනා දෙකක් ඉදිරිපත් කළේ ඉන් අනතුරැවය. දීර්ඝ විභාගයකින් පසුව මෙකී අභියාචනා දෙකම ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ නියෝග බලාත්මක කළේය. ඒ අනුව දැන් ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකා පොලීසියට හෝ ඔවුන් සැඟවී සිටින ඕනෑම රටක පොලීසියකට මේ අය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශය

Related posts

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

පාඨලීගේ දුරකථන සංවාද සවන් දුන් CID නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳව‍යි

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday