Colombo Today Local News

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.

මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් යුද හමුදා සෙබළුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු දේ සිදු කරනු ලැබීය.

එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිළිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන ඇත.

Related posts

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

Admin

මතුගම නිවසකට කඩා වැදී දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday