Colombo Today Local News

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ, විශේෂයෙන් ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී 50 වැඩි තරමක තද වැසි අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Related posts

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

රනිල් ගෙදර ගියේ ජනතාවට යන එනමන් නැති කරලා

Admin