World

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා අසධිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්

අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනෙකු හඳුනාගෙන ඇත.

එම ගණන නව කොරෝනා වයිරසය පැතිර යෑමට පසු ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (30) නිවේදනය කළේය. එය දෛනික ආසාදිතයන් වාර්තා වීමේ ලෝක වාර්තාවකි.

මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවන්නේ බිලියන 1.3කට ආසන්න ජනතාවක් ජීවත් වන අසල්වැසි ඉන්දියාවයි.

එහි මුල්තැන ඇමෙරිකාව ද දෙවැනි තැන බ්‍රසීලය ද පසුවෙයි.

මීට පෙර දිනක් තුළ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 77,638ක් ලෙස දැක්විණි.

ඒ.එෆ්.පී.

Related posts

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday

ඩුබායි ගිනිගද්දී සෙල්ෆි ගහලා

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

රුසියානු හමුදා තව දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

colombotoday