Colombo Today Local News

දැවැන්ත ජනතා බලවේගය කින් පරගැති දක්ෂිණාංශික බලවේග සුන්නද්දූලි කළා – වාසුදේව නානායක්කාර

දැවැන්ත ජනතා බලවේගයක් විසින් රනිල් වික්‍රමසිංහගේ හිතුවක්කාර බලයත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරගැති දක්ෂිණාංශික බලවේගත් සුන්නද්දූලි කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
නානායක්කාර මහතා මේ බව පැවැසුවේ ඊයේ (12දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

යූ.එන්.පී. ආණ්ඩුව විස්ථාපනය කළ යුතුයි. ඒ සඳහා යූ.එන්.පී. විරෝධී සියලු බලවේග පාර්ලිමේන්තුව තුළ එක්සත් විය යුතුයි. දැනටමත් පහළ මට්ටමින් එය සිදුවෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා තිබෙන්නේ ඉතා දුර්වල ප්‍රතිඵලයක්. ඔවුන් යූ.එන්.පී. විරෝධය පෙන්වනවාට වඩා පෙන්වූයේ මහින්ද විරෝධී ආකල්පයක්.
75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් 45%කට වැඩි ඡන්දයකින්ද ලක්ෂ 48ට වැඩි ඡන්ද ප්‍රමාණයක්ද සභාවන් 246කට වැඩි ප්‍රමාණයක්ද දිස්ත්‍රික්ක 25න් 19ක්ද පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන ගත් ඡන්ද ප්‍රමාණයද යූ.එන්.පී. විරෝධී ඡන්දයි. මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. පොදුජන පෙරමුණ සමඟ තවත් බලවේග එක්වෙමින් තිබෙනවා.

මෙවර මැතිවරණයේදී අපේ පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් 98%ක් පමණ ජයග්‍රහණය කරලා තිබෙනවා. ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් දෙන්නෙකුත් අපිත් එක්ක එකතු වී තිබෙනවා.

Related posts

රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි

colombotoday

සිමෙන්ති මිල යළි ඉහළ යයි

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

colombotoday

MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා.. ජනපතිට එය ඉරාදමන්න ආණ්ඩුවට 2/3 බලයක් දෙන්න- විමල්

colombotoday