Colombo Today Local News

දැරියක් අපයෝජනය කළැයි පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇතුලු 5 ක් රිමාන්ඩ්

සෙවනගල ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්  පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු සැකකරුන් 05 දෙනෙකු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛේ.

සැකකරුවන් අවස්ථා කිහිපයකදී මෙම දැරිය සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති අතර පුද්ගලයින් 5 දෙනෙකු ඊට සම්බන්ධ බවට වාර්තා වෙයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු ද සිටින බව වාර්තා වෙයි.

කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්යෙන් තණමල්විල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුට ප්‍රදේශවාසීන් විසින් පසුගිදා චෝදනා එල්ල කළේය.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අපයෝජනය සිද්ධිය සඳහා අදාළ දේශපාලඥයාද සම්බන්ධ බවයි.

මේ අතර මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා මෙම ප්‍රාදේශිය දේශපාලඥ කටයුතු කරන බවටද ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කළේය.

අදාල සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

නටාෂාට ඇප දෙයි

Admin

කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

colombotoday

පාර්ලිමේන්තු ඇවිත් පදනම් විරහිත ප්‍රකාශ කරන්න එපා : අගමැති රනිල්ගෙන් ජනපති මෛත්‍රීට ප්‍රතිචාර !

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday