Colombo Today Local News

දැන් තියන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් සහ අගමැති කෙනෙක්..

කැබිනට් ඇමතිකම් ඉල්ලගෙන අපෙන් ගියපු අය එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න කැබිනට් එක ඇතුළට දමා වසා දමා ඇති බව ගාල්ල දිස්ත්‍රික් එ.ජා.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අද දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

දැන් මේ ඇමතිකම් නොලැබුණු අය ජනාධිපතිට බනින්න ඉස්සෙල්ලා හොයලා බලන්න තමන්ගේ නම් නිර්දේශ කරලා එව්ව ද කියලා. එතකොට ඇත්ත දැන ගන්න ලැබේවි. කැබිනට් ඇමතිකම් බලාගෙන ගියපු අය නම් ඉතින් රනිල් කැබිනට් එකකට දාලා ලොක් කරලා ඇණ ගහලා. ආයිත් එහෙට මෙහෙට පනින්න බැරි වෙන්න.

දැන් රටට තියෙන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් හා අගමැති කෙනෙක්. රට දිගින් දිගටම යන්නේ අදුරට නිසා රවීට නියම ඇමතිකම දීලා තියෙනවා. වැඩි කාලයක් දැන් ඉතින් අපිට විදුලි බලය ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි. හැබැයි ඉතින් රටත් අදුරට යන එකේ විදුලි බලය නැති වුණා කියලා එජාප පාක්ෂිකයින්ට එතරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

දැන් පසුගිය කාලයේ කොටන් ඇදපු අලි ටික සිරිකොට ට ගාල් කරලා. පසුගිය කාලයේ ජොලියේ හිටපු අයට ඇමතිකම් ටික දීලා සැප ගන්න කියලා. පසුගිය දවස්වල නිදි නැතිව අරලියගහ මන්දිරේ හිටපු අයට දැන් පොඩි විවේකයක් දීලා තියනවා දැන් නිදාගෙන ආයිත් ප්‍රශ්නයක් වුණාම එන්න කියලා. ඒ නිසා ඒ අය දැන් ගෙවල් වලට වෙලා සුවසේ ඉන්න කියලා අපි කියනවා. ඕනම නම් ජය සැමරීමේ හා රතිඤ්ඥා පත්තු කිරීමේ ඇමතිකම දෙන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. පව් ඒ අය.

Related posts

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

අල කන්ටේනරයේ සගවා හෙරොයින් ගෙන්වූ මොහොමඩ් ජාන්ට මරණ දඩුවම !

colombotoday

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

පාකිස්තානු ජාතික සිරකරුවන් 43දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

colombotoday

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday