Colombo Today Local News

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

පක්ෂ නායකත්වය නොමැතිව කිසිවිටෙකත් තමා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබානොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය පළ කළ පාක්ෂිකයින්ට සිය ස්තූතිය පළ කිරීම සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයක පැවති ජන හමුවලට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය පළ කළ පාක්ෂිකයින්ට සිය ස්තූතිය පළ කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා විසින් පවත්වනු ලබන ජනහමු මාලාවේ පළමු ජනහමුව ඊයේ(17) මොරටුවේදී පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, මැතිවරණයේ දී පසුබෑමකට ලක්වුවත් යළිත් වරක් සියලු දෙනා එකතු කර ගනිමින් එළඹෙන මහමැතිවරණයේ දී ජයග්‍රහණය කරන බවයි.

පක්ෂයත් පෙරමුණත් රැක ගන්නා බවත් පැවසු ඒ මහතා, මහමැතිවරණයේ දී පුළුල් සන්ධානයක් ගොඩනඟා ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබා දීමට සුදානම් බවත් පැවසීය.

කෙසේවෙතත් මොරටුව පැවැති ජනහමුවෙන් පසු කෝට්ටේ පැවති දෙවන පාක්ෂික හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන්කළේ, පක්ෂ නායකත්වය නොමැතිව තමා අගමැති අපේක්ෂකත්වය ලබානොගන්නා බවයි.

පක්ෂ නායකත්වය ගැන තීන්දු තීරණ ගැනීම තමාගේ තීන්දුවක් නොවන බවත් පැවසු ඒ මහතා, රටේ සිටින පාක්ෂිකයින්ගේ ආශිර්වාදය ඇත්නම් ඒ හඬට වැදගත්කමක් ඇත්නම් එයට සාධාරණයක් ඉටු වෙන බවද පැවසීය.

ජනතාව “දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න“ යනුවෙන් පවසන්නේ නම්, ඒ යෝජනාවට ද තමා එකඟ බව පැවසු ප්‍රේමදාස මහතා, තනි මතයට  හෝ හිතුවක්කාරකමට තමා පෙනී නොසිටින බවත් කියා සිටියේය.

ප්‍රථම වතාවට ඉල්ලා අස්වී පක්ෂයේ නියෝජ්‍ය නායකකමින් පවා ඉවත් වීමට තරම් තමාට කොදුනාරටියක් තිබු බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂ නායකත්වයෙන් බැහැරව කුමන ආකාරයකින් හෝ අගමැති අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් පැවසීය.

පැහැදිලි ලෙසම යෝජිත විපක්ෂනායකයා වශයෙන් තම පාර්ශවයේ සියලු දෙනා MCC ගිවිසුම කෑලිවලට ඉරා දැමීමට අත එසවීමට කැමැත්ත පළ කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

Related posts

(Video) ජන සටන පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ.. මහින්දත් පෙර ගමනේ

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ..

Admin

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin