Colombo Today Local News

දැඩි NGO ප්‍රහාරයට ලක්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දේශපාලන මාරුවක් ?

gihan-pilapitiyaලබන ජනවාරි මාසයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අනුරාධපුර දිසා අධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

අධිකරණ සේවා කොමිසන් සභාව පවසන්නේ මේ මාරුවීම කර ඇත්තේ වාර්ෂික මාරුවීමේ ක්‍රමවේදයට අනුව බවයි.

කෙසේවුවද, ඒ මහතාට ලබාදී ඇති අදාළ මාරුව විනිසුරුවන් මාරුකිරීමේ ක්‍රමවේදයෙන් පිට පැන ලබාදුන්නක් බව රජයට සමීප වෙබ් අඩවියක් වාර්තාකර සිටියි.

ඔහුට වාර්ෂික මාරුවීම් ක්‍රමවේදයට අනුව පසුගිය වසරේ (2015) දෙසැම්බර් 31 වැනිදා සිට කොළඹ දිසාඅධිකරණයට මාරුවක් ලබාදී තිබූ අතර, එය ඒ මහතාගේ ඉල්ලීමකින් තොරව අත්හිටුවා ඔහු වසරක කාලයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධූරයේ රඳවා තිබිණි.

එම තීරණය ගෙන තිබුණේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසිනි.

ඒ අනුව වාර්ෂික මාරුවීම් ක්‍රමවේදයට මාරුවීමක් ලබාදෙන්නේ නම් ඔහු මාරු කළ යුතුවන්නේ නැවත කොළඹ දිසා අධිකරණයට බව නීති කේෂත්‍රයේ ප්‍රවීණයෝ කියති.

මේ අතර, සාමාන්‍ය මාරු සම්ප්‍රදාය අනුව විනිසුරුවරුන්ට වාර්ෂික ස්ථානමාරුවීම් ලබාදීමට පෙර ඔහුගෙන් තමා මාරුවීම ලබා ගැනීමට මනාප ස්ථාන පහක් විමසා සිටින අතර පිලපිටිය මහතාට ලබාදී ඇත්තේ ඔහුගේ මනාපයට ඉල්ලූ ස්ථාන පහහෙන් පිට එකක් බවද වාර්තා වේ.

අධිකරණ සේවා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන පරිදි පිලපිටිය මහතා ඉල්ලා ඇත්තේ හෝමාගම, නුගේගොඩ, ගල්කිස්ස, කඩුවෙල හා කොළඹ බවයි.
මේ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ මෝටර් රථයක් අවභාවිතා කළ බවට චෝදනාකරමින් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ගොනුකර තිබූ නඩුව කැඳවමින් පිලපිටිය මහතා අදාළ වරදකර ඇති අනෙක් අයත් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස ලබාදුන් තීන්දුව මේ ස්ථාන මාරුවට පරහට හිටියේදැයි සැකයක් නීති කේෂත්‍රයේ මතුව තිබේ.

එසේම, ඒ මහතා පසුගිය කාලයේදී නීති විරෝධී අලි සම්බන්ධ නඩුවලදී ලබාදුන් තීන්දු, හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු හා ඇවන්ට් ගාර්ඩ් නඩුව සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු ආන්දෝලනාත්මක ඒවා විය.
ඒ මහතාගේ දුෂ්කර සේවයේ වසර 10ක කාලයද මේවන විට සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ විනිසුරු වෘත්තියට වසර 15ක පමණ කාලයක් සපිරෙන බවත් ඔහු නීතිපති දෙපාර්තමේන්තුව තුළ වසර 5ක පමණ කාලයක් සිට ඇතැයි පැවසේ.

එම කාලයේදී ඒ මහතා ඇඹිලිපිටිය, රක්වාන, බලංගොඩ හා කුළියපිටිය යන ප්‍රදේශවල සේවය කර ඇති බව වාර්තා වේ.

Related posts

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් ඇමති වීරසේකරගෙන්.

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

මරණ දඩුවම නියම වූ සිරකරුවන් දූපතකට

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday