Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ ජනතාව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.

වැඩිහිටි ආධාර සහ ආබාධිත ආධාරය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන්  මගින් නිවෙස් වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන නිසා එම අධාර මුදල් ලබා ගැනීමට තැපැල් කාර්යාල වලට හා බැංකුවලට පැමිණීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ගොවීන්ගේ එළවළු විනාශ වීම වැළැක්වීම සඳහා බවත් ජනතාව අනාරක්ෂිත ලෙස ආර්ථික මධ්‍යස්ථානයට  පැමිණීම නිසා එහි පරිපාලනය සහ රජය අපහසුතාවයකට පත් වන බවත් හෙතෙම සඳහන් කළේය.
 
සෞඛ්‍ය නීති කඩකරන සියලුම දෙනාට තරාතිරම නොබලා දඩුවම් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

Related posts

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday

ඇමරිකාව ආධාර කැපුවාට අපි බය නෑ.. පලස්තීනය වෙනුවෙන් අපි පෙනී සිටිනවා – රාජිත

colombotoday

ඇති තරම් ආධාර දෙන්න ඇමරිකාව තීරණය කරලා.. එමගින් රටේ සංවර්ධනය වේගවත් කරනවා – සජිත්

colombotoday

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

colombotoday