Colombo Today Local News

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

දඹුල්ල ඉහළ ඇරැව්වල, ගෝන වැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සිමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙක් මාතලේ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29)දින රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලීසියට බාර දී ඇත.

පසුගිය ජූනි මස 16 වන දින දඹුල්ල ඉහළ ඇරැව්වල, ගෝන වැව ප්‍රදේශයේ වන ලැහැබක් තුළ ටයර් දමා පුළුස්සා තිබු නාඳුනන සිරුරක් පොලීසිය සොයා ගනු ලැබීය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ මෙසේ මියගොස් ඇත්තේ, වැලි ටිපර් ‍රියදුරෙක් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු බවය.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ගෝන වැව ඉදිකිරීම් සඳහා වැලි සපයන තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙක් බව පොලීසිය පවසයි.

මියගිය වැලි ටිපර්කරුගේ බිරිඳ සමග ප්‍රධාන සැකකරු අනියම් සබඳතාවක් පවත්වා ඇති බව පරීක්ෂණවල දී හෙළි වී ඇත.

මෙම ඝාතනයට සෙසු සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා ඝාතනය කිරීමට දින කිහිපයකට ඉහත දී වෙනත් ටිපර් රථයක් යොදා ගෙන, පරණ ටයර් මෙම ස්ථානයට ගෙනවිත් දමා තිබෙන බවත්, පසුව ජූනි 16 වන දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමග දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇත.

පසුව ඝාතනය වු පුද්ගලයාගේ ගෙල කපා පරණ ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී තිබේ.

Related posts

දිගම්බරම්ගේ සහය

Admin

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා?

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

නිවසටම ගිහින් කොවිඩ් රෝගීන්ට බෙහෙත් කරපු හොර දොස්තර අතටම මාට්ටු

colombotoday

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

colombotoday

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

colombotoday