Colombo Today Local News

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

අධිකරණ නියෝග කඩ කිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රිමාන්ඞ් භාරයේ සිටි ආර්ථික කර්මාන්ත හා සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනකු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (16 දා) සවස නියෝග කළාය.

මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් මගින් තහනම් කළ තෙබුවන ගල්කන්දගොඩ ප‍්‍රදේශයේ ඉඩමක මළ සිරුරක් වළ දමමින් අධිකරණ නියෝග කඩ කිරීම, අධිකරණයට අපහාස කිරීම, අධිකරණ නියෝගය භාරදීමට ගිය තෙබුවන පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 10 දා නියෝජ්‍ය ඇමැතිවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඇපකරුවන්ගෙන් එක් අයකු මතුගම අධිකරණ බල ප‍්‍රදේශයේ අයකු විය යුතු බවටත් දෙසැම්බර් 10 දා නැවත නඩුව විභාගයට ගැනීමටත් මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. අධිනීතිඥ ගාමිණී නල්ලපෙරුම, සුනෙත් හපුහෙට්ටි, පුෂ්පකුමාර අමුගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ පිරිසක් නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූහ.

Related posts

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

Admin

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday